www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

දිනපතා යාඥාව උදෙසා බයිබල් පද

ඉතින් ස්වාමින්වහන්සේ කියන දේ අසන්න; ස්වාමින්වහන්සේගේ නඩුව අසන්න.
මක්නිසාද ස්වාමීන්වහන්සේට තමන්ගේ සෙනග සමග නඩුවක් තිබේ.
උන්වහන්සේ ඉශ්රායෙල් සමග විවාද කරනසේක.

මාගේ සෙනග මම නුඹලාට කුමක් කෙලෙම්ද?
කුමකින් නුඹලා වෙහෙස වෙහෙසෙව් වෙම්ද?

මම නුඹ මිසර දේශයෙන් ගෙනාවෙමි.
වහල් කමේ ගෙයින් නුඹ මුදවා,
නුඹට පෙරටුවෙන් මොසේස්ද ආරොන්ද මිරියාම්ද ඇරියෙමි.

මොවාබ්හි රජුවූ බාලාක් පටන් ගිල්ගාල් දක්වා සිද්ධ වුනේ මොනවාද කියාත්,
ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨ බව දැනගන්නා පිණිස සිහිකරන්න.

එම්බා මනුෂ්‍යය, යහපත මොකක්ද කියා උන්වහන්සේ නුඹට පෙන්වාදී තිබේ.
ධර්මිෂ්ඨකම් කිරීමත්, කරුණාවට ප්‍රේම වීමත්, නුඹේ දෙවියන්වහන්සේ වෙත
යටහත් වී හැසිරීමත් මිස, ස්වාමින්වහන්සේ නුඹෙන ඉල්ලන්නේ වෙන කුමක්ද?

-මිකා 6

©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)